• Home
  • Recipes
  • මිරිස් පිරවුම් කරිය
0 0
මිරිස් පිරවුම් කරිය

මිරිස් පිරවුම් කරිය

කටට සැර මිරිස් රසයයි-පොල් කිරි රසයයි එකට රස බලමු

Directions

Share

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්.

පිරවුම සඳහා:
• මිරිස් කරල් කිහිපයක් (බෙල් පෙපර්,මාළු මිරිස් කැමති දෙයක්.)
• අල ග්‍රෑම් 100
• ළූණු ග්‍රෑම් 10
• සුදු ළූණු තේ හැන්දක්
• උම්බලකඩ ග්‍රෑම් 5
• රස පදමට ලුණු

කරිය සඳහා:
• පෙති කපාගත්ත සුදු ළූණු ග්‍රෑම් 02
• කරපිංචා,රම්පෙ ග්‍රෑම් 02
• ළූණු ග්‍රෑම් 10
• තක්කාලි ග්‍රෑම් 10
• කහ තේ හැන්දක්
• උකු පොල්කිරි මිලිලීටර 100
• රස පදමට ලුණු
• තෙල් ස්වල්පයක්

 

වැඩේ පටන් ගමු නේද?

පිරවුම:

01.අල තම්බාගෙන හොඳට පොඩි කරගන්න.

02.දැන් තාච්චියක් ලිපේ තියලා,තෙල් ටිකක් දාලා රත්කරගෙන ළූණු,සුදු ළූණු සහ උම්බලකඩ ටික දාගෙන හොඳට තෙම්පරාදු කරගන්න.

03.පොඩිකරගත්ත අල ටික දැන් එකතු කරලා හොඳට මිශ්‍ර කරගෙන පදමට ලුණු ටිකක් එකතුකරගන්න.

04.දැන් මිරිස් කරල පැත්තකින් ටිකක් පලාගෙන මිශ්‍රණය පුරවගන්න.

05.මේ විදියට පුරවගත්ත මිරිස් කරල් ටික යන්තමට රෝස්ට් කරගන්න.

දැන් කරිය:

06.පෑන් එක ලිපේ තියලා,තෙල් ටිකක් දාගෙන,රත් වුණාට පස්සේ රම්පෙ-කරපිංචා,සුදු ළූණු,ළූණු සහ තක්කාලි ටික එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න.

07.දැන් කහ කුඩු,පොල්කිරි එකතු කරලා රස අනුව ලුණු එකතු කරන්න.

08.දැන් තමයි පුරවගත්ත මිරිස් කරල් ටික කරියට එකතු කරන වෙලාව.උණුඋණුවෙන්ම කෑම මේසයට යනවානම්,රස තවත් වැඩියි.

(Visited 7,039 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
ස්පයිසි චීස් ටෝස්ට්
next
Chicken bacon wrapped Prawns
  • 7,039 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
ස්පයිසි චීස් ටෝස්ට්
next
Chicken bacon wrapped Prawns

Add Your Comment