• Home
  • Recipes
  • මාමලේඩ් රසට රන්වන් චිකන්
0 0
මාමලේඩ් රසට රන්වන් චිකන්

මාමලේඩ් රසට රන්වන් චිකන්

Directions

Share

අවශ්‍ය වෙන්නේ දේ දේවල්

• දොඩම් ගෙඩි 02
• චිකන් එකක්
• ලෙමන් ගෙඩියක්
• සුදුලූනු බික් 02ක්
• රෝස්මෙරි ඉති දෙකක්
• ලුණු,ගම්මිරිස්
• වතුර කෝප්ප භාගයක්
• ඔරේන්ජ් මාමලේඩ් කෝප්ප 1/4
• කෝන්ස්ට්‍රැච් තේ හැන්දක්

 

පියවර 01

• අවන් එක අංශක 450ට ප්‍රී-හීට් කරගෙනම වැඩේ පටන්ගන්න. දොඩම් ගෙඩි අරගෙන දෙකට කපලා යුෂ මෙෂරින් කෝප්පයකට දාගන්න. කෝප්පෙන් 2/3ක් පිරෙනතෙක්.

 

පියවර 02

• බෙල්ල සහ අනෙක් අනවශ්‍ය කොටස් ඉවත්කළ කුකුළා, රෝස්ටින් පෑන් එකක උඩු අතට හරවලා හෙමිට හම කොටස ඉවත්කරගෙන ඒ අතරට දොඩම් පෙත්ත බැගින් තියාගන්න.දැන් කුකුළාගේ කුහරයට ලෙලි හැරගත් දොඩම් ගෙඩියක් සහ පෙති කපාගත් ලෙමන්,සුදුලූනු සහ රෝස්මරි ඉති දෙක දමා බේකින් නූලක් ආධාරයෙන් කකුල් ගැටගසාගන්න.ලුණු,ගම්මිරිස් දාගෙනම වැඩේ ඉවරකරගන්න.

 

පියවර 03

• මේ විදියට හදාගත්ත චිකන් එක පැයක් පමණ බේක් කරගන්න.(ෆොයිල් එකකින් ආවරණය කරගෙන).තියෙනවනම් චිකන් ස්ටොක් හරි එහෙමත් නැත්තං වතුර කෝප්ප භාගයක් අරගෙන ඔරේන්ජ් මාමලේඩ් එක්ක කලවම් කරලා චිකන් එක පුරාම බ්‍රෂ් කරගන්න.තවත් මිනිත්තු 10ක් පමණ අවන් එකේ බේක් කරගන්න.

පියවර 04

• දැන් අවන් එකෙන් චිකන් එක අරගෙන මිනිත්තු 10ක් විතර එළියෙන් තියන්න.මේ අතරේ දොඩම් යුෂ ටික,චිකන් එක බේක් කරලා ගත්ත බේකින් පෑන් එකට දාලා මදරස්නෙන් ටිකක් රත්කරගන්න.වෙනම කප් එකක කෝන්ස්ට්‍රැච් වතුර එක්ක එකතු කරලා අර මිශ්‍රනයටම එකතු කරගන්න.මිශ්‍රණය හොඳට උකුවෙනතෙක් කලවම් කරන්න.

• බේක් කරගත්ත චිකන් එක කැමති එළවලු වර්ග වලින් ගාර්නිෂ් කරගෙන හදාගත්ත සෝස් එකත් එක්ක රස බලන්න දැන් පුළුවන්.

(Visited 1 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Thai Grilled Chicken Wings
next
චොකලට් බ්‍රව්නි
  • 0 Views
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Thai Grilled Chicken Wings
next
චොකලට් බ්‍රව්නි

Add Your Comment