• Home
  • Recipes
  • දෙළුම්,දොඩම් ටාට්
0 0
දෙළුම්,දොඩම් ටාට්

දෙළුම්,දොඩම් ටාට්

Directions

Share

පියවර 4කින් පහසුවෙන් හදාගන්න පුළුවන් මේ රසවත් අතුරුපසට අවශ්‍ය හැමදේම කලින්ම එකතුකරලා තියාගන්න එක නම් ගොඩක් වැදගත්.

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

ටාට් බේස් සඳහා
• All-purpose පිටි කෝප්පයක්(අවුන්ස 4.5ක්)
• අයිසින් සීනි කෝප්ප 1/4
• ලුණු තේ හැඳි ¼
• කුඩා කෑලි වලට කඩාගත් ශීතකල බටර් මේස හැඳි 5ක්
• කැනෝලා ඔයිල් බේකින් ස්ප්‍රේ මේස හැඳි 2ක්

ටාට් ක්‍රීම් සඳහා
• නැවුම් හෝ ශීතකල බ්ලුබෙරි කෝප්ප භාගයක්
• දෙළුම් යුෂ කෝප්ප 2ක්
• කැට සීනි කෝප්ප 1/3
• කෝන්ස්ට්‍රැච් මේස හැඳි 3ක්
• තරමක් ලොකු බිත්තර කහමද 2ක්
• සුරාගත් දොඩම් ලෙලි තේ හැන්දක්
• ටාට් ක්‍රීම් තේ හැඳි ¼
• ලුණු තේ හැඳි1/8

 

වැඩේ පටන්ගමු

පියවර 01

• අවන් එක අංශක 350ට ප්‍රී-හීට් කරගන්න.

 

පියවර 02

• පිටි,අයිසින් සීනි සහ ලුණු ෆූඩ් ප්‍රොසෙසර් එකට දමාගෙන හොඳට කලවම් කරගන්න.කලවම් වෙන අතරතුරේ බටර්,කැනෝලා ඔයිල්, දමාගන්න.මිශ්‍රණය තරමක් වියළි ගතියෙන් තමයි තියෙන්න ඕනේ.
• මේ හදාගත්තේ ටාට් එකේ බේස් එක.අඟල් 9 ටාට් පෑන් එකක් අරගෙන ටාට් බේස් එක ගානට තුනිකරලා අතුරාගන්න.බේකින් ස්ප්‍රේ එකක් දාගන්නත් අමතක කරන්න එපා.අංශක 350ක උෂ්ණත්වයෙන් මිනිත්තු 30ක් පමණ ටාට් බේස් එක බේක් කරගෙන කූල් වෙන්න පැත්තකින් තියන්න.

 

පියවර 03

• බ්ලුබෙරි ටික පෑන් එකකට දාගෙන මදගින්නේ ලිපේ තියලා හොඳට පොඩි කරගන්න.ඒ අතරේම කැට සීනි,ටාට් ක්‍රීම් සහ කෝන් ස්ට්‍රැච් එකතු කරගෙන විස්ක් එකකින් හොඳට මිශ්‍රකරන්න.තරමක් රත්වේගෙන එද්දී ලිපේ රස්නය අඩු කරලා සූරාගත් දොඩම් ලෙලි,ලුණු ,දෙළුම් යුෂ ටිකත් දාලා හොඳට උකුවෙනකන් මිශ්‍රකරගන්න.

• දැන් බිත්තර කහමද ටික අරගෙන කලින් රත්කරගත් මිශ්‍රණය එක්ක එකතු කරලා විස්ක් එකෙන් හොඳට මිශ්‍රකරගන්න.මදගින්නේ බුබුළු එනතෙක් ලිපේ රත්කරගන්න.හැබැයි විස්ක් එකෙන් නොනවත්වා කලවම් කරන්න අමතක කරන්න එපා.එතකොට තමයි නියම උකු ගතියෙන් ලස්සනට ටාට් මිශ්‍රණය හදාගන්න පුළුවන්.

 

පියවර 04

 

• දැන් අපි කලින් හදාගත්ත ටාට් බේස් එකට මේ මිශ්‍රණය දාලා ශීතකරණයේ තියලා කෑමට ගන්න පුළුවන්.

(Visited 1 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
චොකලට් බ්‍රව්නි
next
ස්පැගටි සමඟ ටූනා
  • 0 Views
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
චොකලට් බ්‍රව්නි
next
ස්පැගටි සමඟ ටූනා

Add Your Comment