• Home
  • Recipes
  • චීස් සහ චිකන් රසයෙන් අලුත් පෙනුමක අලුත් රසයක්.
0 0
චීස් සහ චිකන් රසයෙන් අලුත් පෙනුමක අලුත් රසයක්.

චීස් සහ චිකන් රසයෙන් අලුත් පෙනුමක අලුත් රසයක්.

ආදරේ වැඩි වැඩියෙන් පෙන්වන්න.

Directions

Share

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්.

 

චිකන් බ්‍රෙස්ට් 2
ක්‍රීම් චීස් ග්‍රෑම් 50
චෙඩාර් චීස් ග්‍රෑම් 50
පාස්ලි ග්‍රෑම් 5
තයිම් ග්‍රෑම් 1 (රසකාරකමය ඖෂධ පැළෑටියක්)
රස පදමට ලුණු,ගම්මිරිස්

 

දැන් වැඩේ පටන් ගමු.

 

1. දැන් චිකන් බ්‍රෙස්ට් එක පැත්තකින් කපාගන්න ඕනි.සම්පූර්ණයෙන් වෙන්වෙන්න කපාගන්න එපා.

2. දැන් චීස් සහ පාස්ලි,තයිම් හොඳට මිශ්‍ර කරගන්න.

3. දැන් කපාගත්ත චිකන් බ්‍රෙස්ට් එකට චීස් පිරවුම ඇතුළුකරගන්න.

4. ලුණු ගම්මිරිස් එක්ක චිකන් එක හොඳට සීසන් කරගන්න.

5. මෙන්න ආකාරයේ රෝලක් විදියට ඇලුමිනියම් ෆොයිල් එකකින් ඔතාගන්න.

6. නන්ස්ටික් පෑන් එකක මිනිත්තු 3-4ක් පමණ මඳගින්නේ තියන්න.

7. පසුව සෙල්සියස් අංශක 180ක පමණ උෂ්ණත්වයෙන් චිකන් එක මිනිත්තු 10ක් පමණ බේක් කරගන්න.

8. පෙති කපන්න කලින් චිකන් එක මිනිත්තු 5ක් විතර සිසිල් වෙන්න තියන්නම ඕනි.

9. දැන් රසම රස ග්‍රීන් සැලඩ් එකක් එක්ක කෑමට සුදානම්.

(Visited 1,380 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Handmade valentine Chocolates
next
Chicken & potato salad
  • 1,380 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Handmade valentine Chocolates
next
Chicken & potato salad

Add Your Comment