0 0
චිකන් සමෝසා

චිකන් සමෝසා

කටට රසට ඉක්මනින්-පහසුවෙන් හදාගන්න.

Directions

Share

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

• පොඩියට කපාගත්ත චිකන් ග්‍රෑම් 200
• ළූණු ග්‍රෑම් 200
• සූදුරු තේ හැඳි භාගයක්
• කහ තේ හැඳි කාලක්
• කෑලි මිරිස් තේ හැඳි භාගයක්
• සුදු ළූණු මේස හැන්දක්
• රස පදමට ලුණු-ගම්මිරිස්
• සමෝසා ෂීට්ස්
• තම්බගත්ත බිත්තර දෙකක්
• තවත් බිත්තරයක්
• සමෝසා බැදගැනීමට අවශ්‍ය තෙල්

 

එහෙනම් වැඩේ පටන් ගමු.

 

01. තෙල් හැඳි දෙකක් විතර තාච්චියට රත්වෙන්න දාලා,සූදුරු,සුදුළූණු සහ ළූණු ටික එකතු කරලා රන්වන් පාට වනතෙක් හොඳින් බැදගන්න.
දැන් පොඩියට කපාගත්ත චිකන් ටික එකතු කරලා හොඳට බැදගන්න.

 

02. ලුණු,ගම්මිරිස් පදමට එකතු කරගන්නේ දැන්.
හොඳට තම්ගත්ත බිත්තර දෙක තීරු වලට කපලා වෙනම තියාගන්න.

 

03. සමෝසා ශීට් එකක් අරගෙන සමතලා මතුපිටක තියාගන්න.
චිකන් මිශ්‍රණයෙන් ටිකක් ශීට් එක කොනකින් තියල උඩින් බිත්තර තීරුවක් තියාගන්න.

 

04. ත්‍රිකෝණ හැඩයට සමෝසා එක ශේප් කරගෙන ත්‍රිකෝණයේ කෙලවරවල් නොගැලවෙන විදියට බිත්තර සාරු ගාගන්න.

05. රන්වන් පාට වෙනතෙක් මධ්‍යම ප්‍රමාණයේ රස්නයෙන් සමෝසා බැදගන්න.
උණු උණුවෙන්ම චිකන් සමෝසා රස බලන්න දැන් පුළුවන්.

(Visited 4,488 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
චිකන් සහ පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්
next
ගාලික් මයෝනේස් සමඟින් පොටැටෝ වෙජස්
  • 4,488 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
චිකන් සහ පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්
next
ගාලික් මයෝනේස් සමඟින් පොටැටෝ වෙජස්

Add Your Comment