
ගාලික් මයෝනේස් සමඟින් පොටැටෝ වෙජස්
රෙස්ටොරන්ට් තාලෙට රස කෑමක්.
Directions
අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්.
• අල ග්‍රෑම් 500
• පිටි ග්‍රෑම් 100
• මිරිස් කුඩු තේ හැන්දයි
• ඩ්‍රයිඩ් හර්බ්ස් තේ හැන්දයි
• බැදගනීමට තෙල්
• රස පදමට ලුණු,ගම්මිරිස්
• සුදු ළූණු මේස හැන්දයි
• මයෝනේස් ග්‍රෑම් 50
එහෙනම් වැඩේ පටන්ගමු.
01. සෝදාගත් අල පොත්ත සමඟින්ම කැබලි වලට කපාගන්න.
දැන් ඒ අල කැබලි බාගෙට තම්බගෙන වතුර පෙරෙන්නට හරින්න.
02. වෙනම භාජනයක් අරගෙන ඒකට පිටි,මිරිස් කුඩු,ඩ්‍රයිඩ් හර්බ්ස් සහ ලුණු ගම්මිරිස් එකතුකරගෙන හොඳට මිශ්‍ර කරගන්න.
03. දැන් අල ටික මේ මිශ්‍රණයට දමාගෙන හොඳට කලවම් කරලා පදම් වෙන්න මිනිත්තු 30ක් පමණ තියන්න.
04. ඩිප් එක විදියට මයෝනේස් එක්ක සුදුළූණු හොඳට මිශ්‍රකරලා පැත්තකින් තියාගන්න.
05. දැන් අල කැබලි ටික ගැඹුරුතෙලේ රන්වන් පාට වනතෙක් බැදගන්න.
06. උණුවෙන්ම ගාලික්-මයෝ සෝස් එකත් එක්ක රසබලන්න.
(Visited 639 times, 1 visits today)
Recipe Reviews
There are no reviews for this recipe yet, use a form below to write your review
Close
Login to write a review